Thursday, November 3, 2011

මට වූ රුවන් වැකී, ඔබට ඒවා කණට වැකී.....

0 comments
මේවා ඇත්තටම මගේ ඒවා නෙවෙයි.....එක එක ඒවා කියවගෙන යද්දි මට හමුවුන වැකි තමයි.......ඒවායේ අයිතිය ඒගොල්ලොන්ටම ගියාවේ...
ලස්සන වගේම අරුත් සහගත උන නිසා තමයි දාන්න හිතුවේ.....පස්සේ කාලෙකදී තව ටික ටික එකතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා....
ඔයගොල්ලොත් දන්න වටින කියන වැදගත් ඒවා විතරක් comment කරන්නකෝ....



1.අපි ඇස් දෙකකින් ලෝකෙ දිහා බැලුවට, ලෝකෙ අපි දිහා ඇස් දාහකින් විතර බලනවා කියලා කතාවක් තියනවා නොවැ
2.තොරතුරු වල වටිනාකම එම තොරතුරු අත්‍යවශ්‍ය මොහොතකදි අපමණ විය හැක..
3.අත්දැකීම් සටහන් කරන්න හරිම ලේසියි. අවබොදයන් සටහන් කරන්න හරිම අමාරුයි
4.මනුෂයෝ දරුවන් හදන අතර දරුවන් මනුස්සයන් සාදයි...
5.ඉතිහාසය නැවත නැවත සිදුවේ. එනිසා ඉතිහාසය දැන සිටීම වැදගත් වේ.
6.පොල් වත්තක වල් පැල තිබුනට ඒක " වල් වත්තක් වෙන්නේ" නැනේ ...!   ඒක " පොල් වත්තම" තමා

7.වැරදි කරුවන් දහසක් නිදහස් උනාට කමක් නෑ එක් නිවරදිකරුවෙකු හෝ වැරදිකරුවෙකු වීම ඉතා භයානකය.....
8.software deverloper ලාත් මනුෂ්‍යයෝ ය...
9.දෙවියනි....මා ‍රැක දෙනු මැනවි...
    සතුරා ගෙන් නොව මිතුරා ගෙන්....





to be continued ..........

Thursday, October 20, 2011

දෙවෙනි ඒ දවස...

4 comments



විසි පොරොන්දම් දස පොරොන්දම් හා අෂ්ඨ කුඨයන්ගේ ගැලපීම් පිලිබද ඉගි තුලින් නොනැවතී,
සුබ හා අසුබ තුලින් ඉවසීමෙන්....ඉදිරියට,
තවත් එක් නැවුම් වූ අත්දැකීමක්....
මා හා තනියට ඈ සමග...
මුහුණ දුනි  ඒ පරීෂණයට..
නම් කරමි එය පොරොන්දම් ගැලපීම ලෙස
වී ය  ප්‍රතිඵලය ඉහත කී ලෙස..
සුභ, සම අසුභ පරදා 50%ත් වැඩියෙන්....
හිතට සතු‍ටුයි....
භයත් පැමිණෙයි...
මෙය 1/3 බව දත් නිසා...
පතනෙමි යහපතක් ගැලපෙන ලෙසට..
යදිමින්.......
හදවතින්......

Wednesday, October 19, 2011

ජීවිතේ අද දවස....

0 comments


කුලුදුල් ඒ අත්දැකීම ඉතා අමිහිරි විය....
සුන් වූ බලාපොරොත්තු මැද ඒ මතකයන් කෙමින් මැකී යාවි...
අරමුණු වෙනස් වීම ප්‍රත්‍යෂයෙන් දැන සිටියද මෙවන් වේදනාවක්....
විශ්වාසයේ මෙතරම් ඝන පලුද්දක්...

අහෝ...මේ සටහන අන් කිසිත් නිසා නොව,මතකය නැවත කෙදිනක හෝ අලුත් කර ගැනීම පිණිසයි....

මා ඇය හමු විය....ජීවිතයහි කෙදිනකවත් නොපැතු මුණගැසීමකි.....
අපෙන් අප ගිලිහී යන කාලය වැඩි ඈතක නම් නොවන බව මේ කාලයේ සිදුවන සිද්දීන් වලින් හැගීයයි.........

මට මෙය තේරුම් ගැනීමට අපහසුයි.....මට මෙය ඉවසීමට අපහසුයි....
මම කෙලෙසකදෝ ඇය ගැන නොසොයා ඉන්නේ...
සුරංගනා කතා හෝ නවකතා වල පවතින ගද්‍ය පාඨ නොව මෙය හැගීම් වල ඇති වේදනාවයි....
කියන කරන දේවල්, ගිය නොගිය තැන්,එකී මෙකී නොකී බොහෝ දැ පිලිබද පවා මා දැනුවත් කල ඈ ඉන් ඉවත් වීමට සුදානමින් පසු වෙයි....
නිශ්චිත එක් දිනයකින් පටන් නොගත්තා වූ ඒ සුන්දර අපේ ලෝකය කෙමින් කෙමින් වියකී යාවී.....
මේ මොහොතේදී මා දැස් තෙත් වනුයේ,කදුලු කැට ඇද හැලනුයේ මම සැබවින්ම ඈ හට ලෙන්ගතු වීම නිසා විය හැකී...
පසු දිනෙක ඈ ඇගේ ලෝකයේ තනිවෙයි....මා ද මගේ ලෝකයේ තනි වෙයි.......
ඈ තනි වීම මා හට වාවා ගත නොහැකි වීම මට තවත් වේදනාවකි....
ඈ තනි නොකිරීම මා සතු වගකීමක් හා යුතුකමක් විය යුතු බව මම තරයේ විශ්වාස කරමි...



2011/10/19

Tuesday, October 18, 2011

කඩඉමක පිය සටහන්..

0 comments
මම දන්නෙ නෑ මේ කොතන වූ පිය සටහනක් ද කියල....
සමහරවිට අවසානයක.....
සමහරවිට වෙනත් ගමනක ආරම්භය වෙන්නත් බැරි නෑ...
අනිත් අතට ගමනක් අතර තියන මගසලකුණු වෙන්න බැරිත් නෑ...
ඉතින් දන්නවනේ.... මගසලකුණු වලින් ගමනේ ස්භාවයත් යම් තරමකින් කියවෙනව කියලා.. (හැබැයි ඒක අනිවාර්යය නෑ..)....
එහෙවු වූ කඩඉමක තීරණාත්මක පියවරක්.....

"
  මෙය තවත් එක් නිමේෂයක්ද ?
       මා නොදනිමි
  පෙරදා කදුළු කැට
      කොපුල් තෙත් කරද්දී.......
  අසන්නට හඩන්නට කෙනෙකු විය මා අසල
     අහෝ අද....
   මහ සයුර මෙන්
      කඩා හැලුනද
  දෙනෙත දෙසවත් නොබලා
      ඉවත යන්නේ
  මා නුරුස්සා නිසාවෙන්දෝ
      අත්වැල් පටලවාගෙන සිනා පෑ ඒ සමය
  ඔබ ‍රැගෙන යන්න...
     සුපිපි පියුමෙන් පෙති හකුලා
  පවු සමා කරගනිමි වූ වරදට
      ආත්මයක් ආත්මයක් පාසා
  යශෝධරාවක් වී ඔබ පතන්නට.......
"

පෙර මෙන්  පැහැදිලි අත් අකුරු නොවුවත්...
වදන් වල ගැලපීම තත් ලෙසටම නොමැති වුවත්...
ඇගේ ඒ මොහොත තුල මා කෙසේ නම් ජීවත් වෙම්ද?
ස්ත්‍රී වූ ඈ කෙසේ නම් මෙය දරාගන්නද?
මගේ හදවත මෙවන් මොහොතක දී පවා දැඩි නම් ඒ වීරකමක් හෝ පුරුෂාර්ථ ස්භාවයක් නොව නිවට කමකි..

Sunday, August 21, 2011

වෙතට හා ඉවතට

2 comments
මනසින් ඉවත් කල යුතු Packages & Class 

  •   class ඉරිසියාව
  •  class කේන්තිය
  •  class කම්මැලිකම
  •  class කුපාඩිකම
  •  class කුකුළුකම
  •  class කුහකකම
  •  class නොහික්මුණුකම

මනසින් ඉවත් කල යුතු Attributes



මනසින් ඉවත් කල යුතු Methods
  •  ඉවක්_බවක්_නැතුව_දැගලීම();
  •  අන්_අය_විශ්වාස_කිරීම();
  •  යාළුවන්_කියන_දේ_ඉක්මනින්_පිලිගැනීම();
  •  සමහර_යාළුවන්ව_විශ්වාස_කිරීම();


--------------------------------------------------------------------------------------------------------------
============================================================
--------------------------------------------------------------------------------------------------------------
මනසට import කල යුතු Packages & Class

  • class ඉවසීම
  • class වීර්යය
  • class අධිෂ්ඨානය
  • class කුපාඩිකම
  • class අන් අයගේ සතුට
  • class තමන්_ගැන_විශ්වාසය

මනසට import කල යුතු Attributes


මනසට import කල යුතු Methods
  •  අන්_අයගේ_සතුටට_සතු‍ටු වීම();
  •  අන්_අයට_හිරිහැර_නොවන_ක්‍රියාදාමය();
  •  පුද්ගලයා_තේරුම්_ගැනීම();
  •  කිසිවෙක්_එක_විට_විශ්වාස_නොකිරීම();
  •  අන්_අයගේ_මත_වලට_ගරු_කිරීම();
  •  පරාජය_ඉතා_සීමිතව_පිලිගැනීම();
  •  ජයග්‍රහණය_විශ්වාස_කිරීම();
  •  දැන්_ඇති_දුක_ට_වඩා_ඉදිරිය_ගැන_හිතීම()

Friday, August 19, 2011

දු‍ටු විට ඇගේ සංසුන් වූ ඉදුරන්ගේ හැටී.... මොහොතක් නතර විය මගෙ හද මඞළ ගැහී.... කර්ණරසායන පරදන ඇගේ ඒ වදන් ඇසී... හද තුල තාම ‍රැවු දෙනවා වැනිය සකී..

0 comments


පොහොය දවසක් වූ එදින, පෙරදා පටන් මම එහි ගත කලේ වෙන කිසිත් නිසා නොව,පොහොය දිනට එම අසපුවේ අභිනවයෙන් නිම කල චෛත්‍යයහි කොත නිරාවරණය කිරීම යෙදී තිබුනු බැවිනි..
පෙරදා පටන් බොහෝ පිරිසක් මා මෙන්ම එලෙස නැවතී උදවු උපකාර කරමින් තිබිනි....
ස්ත්‍රි පුරුෂ බේදයකින් තොරව මෙහි සිටි ඔවුන් සැම කෙනෙක් අතරම අමුතුම ආකාරයේ ව්ශාල ලෙන්ගතු කමක් විය...
සියල්ලෝම තමන්ගේම සහොදර සහොදරියන් ලෙස හිතන්නට ගතවූවෙ හොරා 2කටත් අඩු කාලයකි...
කඩිමුඩියේ එකා මෙන් මෙ සත් කාර්යයට උදවු උපකාරි කලත් කිසිම පටලැවමකින් තොරව නියමාකාරයෙන් කලින් කතාකරගත් ආකාරයට වැඩ ටික සිදු කිරීමට හැකිවිය....
ඒ පිලිවෙල, ඒ කඩිසරකම, ඒ ලැදියාව වෙන කිසිවක් නිසා නොව ආගම දහම නිසා ලැබුනු බව මගේ පෞද්ගලික විශ්වාසයයයි...
ඒ වෙන කිසිත් නිසා නොව ගෙදර දොර වැඩකටයුතු සිදු කරද්දී පිළිවෙල ගැන වැඩිය අවධානයය යොමු නොකරන මා පවා එහිදී බොහෝ පිළිවෙලට කඩිසරව වැඩකටයුතු සිදු කිරීමට උත්සාහවන්ත විය...


කාලය හෝරා පහුකලේ අප සියලුදෙනාම පාහේ විඩාවට මෙන්ම ප්‍රීතියට හා නිදිමතට යොමුකරමිනි...
කඩිසරකම පෙර මෙන්ම නොමැති උනත් ගෞරවය පෙරදැරි වූ ශ්‍රදාවට කල හැකි දැ බොහොමයක් පවතින බව ඔප්පු කරමින් අප සියල්ලම මහන්සි නොබලා තම කාර්යන් සිදුකරන ලදී....


අළුයම ගෙවී පසු දින පහන් වුණි.....සැදැවත් ජනයාගෙන් පූජා භූමිය පිරී යද්දී උදය කාලයේ චෛත්‍යයහි කොත නිරාවරණය සිඩුකරන ලද්දේ සැදැහවත් ජනයාගේ දෝංකාර දෙන සාධු නාදය මධ්‍යයේය...තාලයකට සිදුවුනු මේ ශබ්ද පූජාව පවා මනසවල් වශීකෘත කලහ...
සියල්ල එසේ සිඩුවෙදී මම ඉන් නික්මමුයේ මගේ ගත මා පාලනයෙන් තොර වූ පරිදි මෙන් මා උන්හිටි තැන් පවා අමතක කරමින් මා නිදි කිරීමට 'මා ගත' ගත් වැයමක ප්‍රතිපලයක් වශයෙනි...
පසුව නිවසට පැමිණ පිරිසිදු වී නිදි යහන වෙත පිය නැගීමට අමුතුවෙන් වීර්යය කිරීම නිශ්ඵල වූයේ එය නිරායාසයෙන්ම සිදුවූ නිසාවෙනි....
වරුවකට අසන්න කාලයක සුවසේ සැතපී නැවත අසපුවට යාමට මා පිටත් වුයේ සැදැ කාලයෙ එහි සිදු කරනා පුණ්‍ය කටයුතු වලට සහභා ගී විමටය....පොහොය දිනයක් වීම නිසාත් අසපුවේ චෛත්‍යයහි කොත නිරාවරණය කිරීම යෙදී තිබු නිසාත් සැදවත් බොහෝ ජනයා එහි එක් ‍රැස් වී හිටියහ..
පිරිස අතර ස්වාමින්වහන්සේලා සුලභ දසුනක් වූ නමුදු මෙහෙණින් වහන්සේලා(මැණිවරු/සාමණේරීන්වහන්සේලා) එතරම් සුලබ දසුනක් වූයේ නැත..නමුදු විටින් විට පැමිණෙන මැදිවියද පවා ඉක්මවූ මෙහෙණින් වහන්සේලා දැකගත හැකිවිය...
රාත්‍රී 7 කණිසමට අභිනවයෙන් නිම කල චෛත්‍යයහි විශේෂ පූජාවක් පවත්වන්නට සංවිධානය කර තිබු නිසා සවස් වරුවේ බොහෝ පිරිස් එක් ‍රැස් වන්නට වුණි...


සාමාන්‍යයෙන් පන්සලකදී වුවද ස්ත්‍රී රුපයන් කෙරෙහි ඇස්(ඇස් පමණි.හිත් ඇදෙනුයේ කලාතුරකිනි)  නිරායාසයෙන් යොමු වුවද මෙහිදී එය එතරම් ම සිදු නොවුයේ ආගමික වටපිටාව ඕනවටත් වඩා හිතට වැදී තිබූ නිසා මිස ලස්සන පියකරු ගෑණු ලමයිගේ අඩුවක් නිසා නම් නොවේය..
කරුණු එසේ වුවද යම් එළැබියා වූ මොහොතක දැස නතර විය.......
අහම්බෙන් නමුත් එය එසේ සිද්ධ විය.....


රාත්‍රී කාලයේ වුවද දිලිසෙන පැහැපත් සම......
ඉතා සන්සුන් ඉදුරන් ඇතිව විරාගී වූ ගමන් විලාසය....
මා දෙස නොබැලුවද ඇස් වල ඇති කාන්තිමත් ස්භාවය.....
ඍජුව ඉදිරිය නොබලන , පෙර පිං නිසා වාසනාවකට ලද පියකරු මුහුණකට හිමිකම් කියන්නා වූ........ඇය....
මුලු ගතම ආවරණය කර ගෙන ඇත......

බුද්ධ පුත්‍රයන් වඩින්නා වූ මග අසල සිටි ඇ තොමෝ..එය කරණ කොට ගෙන දෝ උන් හිටි තැනින් වහා ඉවත්විය.....
නොකියා කියාපැවේ ඇ යටත් වූ නීති සමුදායද නැතිනම් තමා ලද රූපශ්‍රීය කරන කොට අන් අයගේ සිතුවිලි චංචල වීම වැලැක්වීමට තමා තුල ඇති කැමැත්තද යන්න මට තාමත් ප්‍රෙහේලිකාවකි...
කවර නිසාද යත් ඇය සමග සිති අන් වැඩිමහලු හා වයසින් සම යැයි සිතිය හැකි මෙන්ම  වයසින් බාල යැයි සිතිය හැකි  වූවන් ගේ මෙවන් ප්‍රතිචාරයක් මා නොදිටීම නිසා මා අදහස වූයේ ඇගේ සිත තුලින්ම පැන නැග්ගක් වූ බවය...
ඇය සමග සිටි අන් මෙහෙණින්වහන්සේලා පසෙකට වූ අතර ඇය ඔවුහු සියලටම පි‍ටුපසින් සිට බුද්ධ පුත්‍රයන් වඩිනා විට මිහිරි හඩින් අන් අය සමග සාධු නාද දෙන්නට විය....
අඩි කිහිපයකට වඩා නොදුරින් වූ එතුමිය චෛත්‍යය වන්දනාවට පැමිණෙන බුද්ධ පුත්‍රයන් සාධු නාදයෙන් වන්දානා කල හඩ මට තවත් බොහෝ කාලයකට අමතක නොවන බව මම විශ්වාස කරමි...


සන්සුන් හා ඉතා පියකරු රූමත් ස්භාවයෙන් යුතු ඒ මෙහණින්වහන්සේ වන්දනා කිරීමට මගේ හිත, මාවම ප්‍රබලව යොමු කරන නමුත් බොහෝ වීර්යය කොට එය පාලනය කිරීමට සිදුවූයේ ඇත්ත වශයෙන්ම වන්දනාමාන කිරීමට හේතුව එතුමියගේ ගුණධර්ම පිලිබද මා ගේ දැනීම නොව එතුමිය දු‍ටුවිට මගේ සිත තුල ඇතී වූ චංචල ස්භාවය යැයි මට හැගී ගිය බැවිණි..




ඔබ වෙනවානම් එවන් යශෝධරාවක්............











මෙහි සදහන් කල අසපුව මහමෙව්නා අසපු සංචිතයට අයත් අසපුවකි....












මගේ ලෝකය, ඇගේ ලෝකය සහ අපේ ලෝකය

0 comments
පොදු කුලකයක් ඇති කුලක දෙකක් වැනිය.........
කුලක දෙක මගේ හා ඇගේ වන අතර
 පුංචි පොදු කුලකය  නැතහොත් ඡේද්‍ය කුලකය අපේ ලෝකය වේ.....
ඒ ඒ කුලක වල ඇති අවයව ප්‍රමාණය ඡේද කුලකයේ ඇති අවයව ප්‍රමාණයට වඩා වැඩි බව ප්‍රත්‍යශයෙන් දන්නා කරුණකි....
වෙනත් වචන වලට පෙරලන්නේ නම් 
මගේ ලෝකය හා ඇගේ ලෝකය යනු පැතිකඩවල් දෙකක් වන අතර අපේ ලෝකය යනු එය සම්බන්ධ කිරීමට තැනූ කල්පිත ලෝකයක් වැනිය......

Wednesday, July 20, 2011

කම්මැලිකමට ලියන ලදී....

0 comments


මේ දවස් වල උදේ ඉදන් කරන්නෙම LMS 1ට log වෙලා ඒකෙ activitys ටික කරන 1 තමයි..මොකො එතින් තව සති 2,3 කින් අපිට exam නේ...
self study තමයි ඉතින් මම...මාර කට්ටක් තමයි,එක දිගටම  තනියෙන් self study කරන 1..මාර මහන්සියක් වෙන්නත් ඕනනේ......ලේසි කියල හිතුවට ලේසිම නෑ නේ.....


ටිකක් වෙලා log වෙලා ඉන්න කොට එපා වෙනවනේ....ඉතින් ඊට පස්සෙ net 1 මොකක් හරි browse කරන එක තමයි කරන්නේ...ඉතින් එතකොට වෙලාව යනව කාටද තේරෙන්නේ....බලලා ඉවර කරන්න පුලුවන් 1යැ...


ඉතින්  ඔය සේරම අස්සේ ඊයෙ මම මගේ ප්‍රියම්බිකාවත් එක්ක කැළණි පන්සල් ගියනේ...පොඩි පොඩි ප්‍රශ්න වගයක් විසදගන්න තමයි ගියේ....මං හිතන්නේ ඒක හරි ගියේ නැද්ද කොහෙද?....පන්සල් ගිහින් වෙන එක එක දේවල්(බුද්ධාගම) ගැන කථා කලා විතරද මන්දා....ඊයේ පන්සල එච්චරටම ලස්සනයි නේ.............
මට තෙරුම් ගිය දෙයක් තමයි, ප්‍රශ්න කතා කරන්න පන්සල හොද නෑ කියන 1 එක...පන්සල් වටපිටාව සමහරුන්ගේ හිත් වෙනස් කරනවනේ මාත් අතුළුව..



Tuesday, July 19, 2011

මගේ මරණය

0 comments
මම දැන් මරණයට බය නෑ.....
මට දැන් මරණ බය දැනෙන්නෙත් නෑ...
අනිත් අය මරණය ගැන කතා කරන්න බය වෙන කොට මම වීරයෙක් වගේ ඒක ගැන කතා කරනවා....

වෙන මුකුත් නිසා නෙවේ...

මට මගේ මරණය ගැන මුකුත්ම තේරෙන්නෙ නැති වෙන්න ඇති..

Wednesday, July 6, 2011

පට්ට කෑල්ල...

0 comments
මම 176 බස් 1 ඉන්නකොට _________ නැග්ග මම හිටපු බස් 1ට..
වයස 45ක් විතර වෙන එහා පැත්තෙ අසුනෙ හිටිය අංකලුත් නිකන් නෝන්ඩි නොවි හෑරිල බැලුවා එයා දිහා...
මම ඉතින් තරුණ කොල්ලෙක් නේ...
මාත් ඉතින්, හොදට බලන්න ඕන ඒවා බලල (හොදට පෙනුන මූණ බලලා) ආයෙත් ඉස්සරහ බලා ගත්තා..


ඒක දැකලද කොහෙද, මගෙ එහා පැත්තෙ හිටපු ඇන්ටි මගෙන් අහනව...
"දරුවෝ.....ඔය වගේ සංකර ගෑණු ළමයිටද ' පට්ට කෑලි ' කියල තරුණ ළමයි කියන්නෙ.. "
ඒ කථාවට මම හිනා වෙන ගමන් මට හිතුනා එකත් එකටම ඒ ඇන්ටිට මගේ හිත කියවන්න පුලුවන් වෙන්න ඇති කියලා...

ඔන්න ඉතින් අමුත්තා ආයෙත් ඇතුල් වෙන්නයි යන්නෙ..........

0 comments
" Psycho ගේ නොපෙනෙන පෙනීම -88- " කල-එලි බහින්නයි යන්නේ..........
 එය
"Psycho ගේ නොපෙනෙන පෙනීම -888-" වඩා වෙනස් දැක්මක් තුලින් ....

සමාවුව මැනවි...."Psycho ගේ නොපෙනෙන පෙනීම -888-" ට ඇතුලු වීමට ඔබට නොහැකිනම්.....

එය බුදු දහම සම්බන්ධ ගැටළු වලින් යුතු බව දැන ගැනීම ප්‍රමාණවත්ය....