Monday, March 11, 2013

මම ඇයව අමතක කරනවා...

1 comments



මම ඇය ගැන නොහිත ඉන්න උත්සාහ කරනකොට මට ඇයව මතක් වෙනවා...
මම ඇයව නොදැක ඉන්න උත්සාහ කරන්කොට මට ඇයව නිරන්තරයෙන් පේනවා....
මම ඇය ගැන නොඅසා ඉන්න කොට නොයෙකුත් දෙනා මාගෙන් ඇය ගැන අසනවා....
මම ඇයව හිතින් වෙන් කරන්න හදනකොට මම නොදැනිම හිත ලංවෙනවා වගේ හිතෙනවා... 
ඔව්........... මම ඇයව.. මම ඇයව.....
මම ඇයව අමතක කරන්න හදනකොට ඇගේ මිතුරියෝ මට මුණගැහෙනවා ,මට කතා කරනවා...
මම ඇයව අමතක කරන්න හදනකොට මගේ නංගී ඇවිත් මාත් එක්ක එයාගේ දේ කතා කරනවා...
මම ඇයව අමතක කරන්න හදනකොට මම රෑ සිහිනෙන් ඈ හට ආදරේ කරනවා...
මම ඇයව අමතක කරන්න හදන හැම මොහොතම දෑස කදුලු වලින් තෙත් වෙන්න බලනවා... 
මම දන්නවා.. මට දැනෙනවා....
මම දන්නවා මට ඇයව අමතක කරන්න හදනකොටම නැවත නැවත වාරයක් මට ඇයව මතක් වෙනවා..
මගේ හිත ආයෙත් දුර්වල වෙනවා....
මම දන්නවා මගේ හිත තද  රළු හිතක් කර ගන්න විදිය .. 
ඒත් මම එලෙස නොවෙන්න දැන් දැඩි උත්සහ කරනවා... 
කවර නිසාද යත් , පිහියට පිහියක් සමග වන ගැටීම් ගැන මා දන්න නිසාවෙන්.
මා එලෙස රළු වීම මගින් ඈ හට කිසි දුකක් නොවේවා...


[මගේ හිතින් ම උපුටා ගන්නා ලදී]



Thursday, January 3, 2013

මම තවමත් ඇයට ආදරය කරනවා

0 comments

මම තවමත් ඇයට ආදරය  කරනවා...
..ඉතින්..

මට තාමත් ඇයව මතක් වෙනවා...
...ඉතින් මොකෝ...
ඉතින් ඒ දුක තුනී කරගන්නට මම මේ post එක ලියනවා....
..මොකක්ද ඉතින් ලියන්නේ..
...........
මම තවමත් ඇයටම ආදරේ කරනවා
...................................

Tuesday, January 1, 2013

දිනයක අරුණෝදය නව වසරක් වීම (2013ට මගේ පසුවදන)

1 comments
මේ මට හිතුණු හැටි...
අද 2013/01/01
නිකම්ම නිකන් දවසකට කාලසම්මුතියක් එකතුවීමේ ප්‍රතිඵලය සම්මුති අලුත් අවුරුද්දක් වෙනුවෙන් ඔබේ මනස හැඩගැසී ඇත.
මගේ මනස එය නොපිලිගන්නා බැවින් මා පොදුරාමුවට අයත් නොවේ...
මා මෙන්ම් තවත් බොහෝ පිරිසක්ද අද දිනයක් පමණක්මය.විවිධ හේතු ඔවුන් මේ අදහසට කැන්දාගෙන ඒමට හේතු වී ඇත.
නමුත් මට ඉන් වැඩක් නැත.
 මනසින් මේ අදහස පිලිගන්නා, ගතින් මේ අදහස විවිධාප්‍රකාර හේතු නිර්වචනය කර ඒවා සාධාරණියකරණ කරන අය ද බොහෝය. 
එවන් අය මෙන්ම වෙනත් අයටද වෙනත් අය නොවන එවන් අයටද  මම සුභ පතමි.
ඒ සම්මුති ජනවාරි 01 නිසා නොව, පොදුවේ යහපත ප්‍රාර්ථනා කිරීමට ඇති තවත් දිනයක් නිසාවෙනි

Monday, July 9, 2012

පටන් ගැන්ම දනිමි නමුත් අවසන මම නොදමී

1 comments

මම මතක තියා ගනිමි දෝ...
නැත, මම වෛර කරමි..එවිට එය අමතක නොවේ...

මම ස්වාධීනව මාගේ trip යමි..
කිසිම ලෙසකින් වත් ඒවා අතපසු නොකරමි..
මම යන trip මම යනවාමයි....
එකතුවී යන්න අවශ්‍ය trip  බොහෝ ඇති මුත් ,ඒවා පිලිබද වූ හැගීම අද දින බිද හෙලෙන ලදී.
ජීවිතේ කිසි දිනක දඹුල්ල ප්‍රදේශයේ වූ මල් වතු වලට තනියම නොයමි...
වෙනත් ස්ත්‍රියක් සමග පමනක් යමි.. නැතිනම් නොයමි.
පටන් ගැන්මක් ඇතත් අවසානයක් නොදකිමි..
අහෝ එවැනි පටන් ගැන්මක් නොමැති නම් ... මෙවන් අවසානයක්ද නොමැත.



8.30pm 2012/06/09

--->   මම අසපුවේ...
--->   තාම වරකපොල නේ !

Sunday, May 20, 2012

පුංචි සුරංගනාවිය....

0 comments



මට විශ්වාසයි පැටියෝ..
ඔයා තමයි එහේ ඉන්න සුරංගනාවිය..
ඒකනේ ඔයාට හැමෝම littel angle කියලා කියන්නේ..
ඉතින් my dear little angle කොහොමද ඔයාට....
වැඩක් නෑ පැටියෝ,ඔයාට තේරෙන්නේ නෑ නේ මං ඒ අහපු අදහස..
ඔයා හරිම ලස්සනයි....
හරිම ප්‍රිය මනාපයි.
ඔයා දන්නෙ නැති උනාට ඔයා හරිම අහිංසකයි..
ඒකනේ littel angelට හැමොම ආදරේ...

ඉතින් පැටියෝ..ඔයාට මාත් එක්ක කතා කරන්න බැරි උනාට ...
ඔයාට මාත් එක්ක කාලය ගත කරන්න ඕන නැති උනාට..
අඩුම තරමෙ ඔයාට මාව ගානක් නැති උනාට ..
මට.....??

පුංචි ඔයා හරිම නිර්භීතයි කියල පැටියගේ අම්ම මට කිවුවා..
ඒක නම් ඉතින් කියන්න ඕන නැ කියල, ඔයා දග කරපු විදියෙන් මට තේරිලා ඉවරයි..
පුංචි ඔයාගේ වාසනාව පිටිපස්සේ ඇයි මෙතරම් අවාසනාව පටලැවිලා තියෙන්නෙ කියල ඔයාගේ අම්මා මගෙන් අහපු ඒ ප්‍රශ්නෙට මට ඒ වෙලාවේ දෙන්න පිලිතුරක් තිබුනේ නැ පැටියෝ..
මට සමාවෙන්න ඕන ඔයා ගැන මට හිතුණු දේවල් ඔයාලගේ අම්ම්ට කියල එයාට තවත් දුකක් ඇති කරපු එක..

මම විශ්වාස කරනවා පැටියෝ,ඔයා ඉක්මනට ගෙදර ඒයි කියල.. 
මම වගේම අම්මත් ඒක විශ්වාස කරන්නවා..
ඒත් මගේ පුංචි පැටියට තියෙන්න කවදහරි නැවතත් මතුවෙන්න පුලුවන් ,ඒකෙන්නම ඔයාව අපට අහිමි කරන්න පුලුවන් වෙන විදියේ රෞද්‍ර එකක් කියල පැටියගේ අම්මා මට කිව්වම , ඇයි මම ඔයාව දැක්කෙ කියලා හිතුනා...
ඇයි මම ඔයත් එක්ක හිනා වුනේ කියල හිතුනා...
ඇයි මම  මෙතරම් සුලු කාලයකදී ඔයත් එක්ක ලෙන්ගතු උනේ කියල හිතුනා..
මම හැබැවින් අත් වින්දා පැටියෝ...
ඔයා මගේ නොවුනත් , මේ සංකීර්ණ සිතුවිලි මාව තවත් වේදනාවට පත්කලා පැටියෝ...

පුංචි සුරංගනාවියේ...
මේ ලොකේ ඔයාට නොතේරෙන ඒත් ඔයාට මුහුණදෙන්න වෙන දේ ගැන ඔයාගේ ඒ සුන්දර අම්ම මට කියපු දේවල් දන්නේ අපි දෙන්න විතරයි පැටියෝ..
කුළුදුල් හා එකම එකක් වු ඇගේ මව් පදවියට මුහුණ දුන් ඒ සිදුවීම ඇගේම ඉරණමේ කොටසක් කියලා ඈ දුක් වෙන විදිය ඔයාට තේරෙන්නෑ පැටියෝ...
කවදවත් ඔයාට අයහපත් වෙන්න එපා පැටියෝ....
ඒ සුන්දර අම්මා විතරක් නෙවෙයි...
අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒකයි...
.
.
"ඒ පුංචි සුරංගනාවි නීරෝගී සුවයෙන් පියාසර කරන ලැබෙනවනම්......"






මහරගම Cancer Hospital  දී මුණ ගැසුනු  අහිංසක ඉතා ප්‍රියමනාප දැරිවියක් හා  සුන්දර මෙන්ම ප්‍රියමනාප වූ ඇගේ මව සමග ගත්කල සුළු හෝරාවකදී මට හිතුණු දේවල් හා මා ලද අද්දැකීම්....

Thursday, May 17, 2012

ජීවත් වෙන්න....

1 comments

මුලින්
.........ජීවත් වෙන්න ඕන...... 
පස්සේ
......ජීවත් වෙන්න සල්ලි ඕන... 
......කෙසේ වුනත් ජීවිතේ හැඩගස්සවා ගන්න සල්ලි ඕන ......

.......කියමනක් විතරක් නෙවෙයි...
........අත්දැකපු , අත්විදපු ,  සත්‍යයක්.....


හොදට, හොදටෝම තේරුණා......
තියන සන්තකේම මගේ ඉගෙනීමට නොකා නොබී වියදම් කරන බව ,
තවත් එක් කථාවක් නෙවෙයි...
වියැකුණු වියැලුණු මැලවුණු ඇයට මම සදා ණයගැතියි.
කෙතරම් කෙලෙස සැලකුවත්..
ඒ බැදීම හරිම ශක්තිමත්..
අම්මේ.....
මා වෙනුවෙන් ඔබ කල කී දෑ අපමණයි....
ඔබ මෙය දැක්කත් නොදැක්කත් අම්මේ.....
මෙය ඔබ වෙනුවෙන්මයි...




Thursday, April 19, 2012

I brought a new key to enter virtual world..

0 comments

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


Welcome MyLapsa "


Life begin where one left off with new partner,
Eventually I decide to been with it called as Lapsa.
Your the paramount life partner in my virtual life.
Welcome again  my dear..
lets begin our enormous journey.....

.
.
.
.
.
----------------------------------------------------   .    ------------------------------------------------------------------------------------------------------   .    --------------------------------------------------





Acer Aspire 7750-6423


:: Processor
Intel Core i5-2430 2 GHz 
:: Mainboard
Intel HM65
:: Memory
7805 MB, four RAM slots, two occupied
:: Graphics adapter
AMD Radeon HD 6850M - 1024 MB, Core: 675 MHz, Memory: 800 MHz, GDDR3 SDRAM 128Bit, 8.783.2.0
:: Display
17.3 inch 16:9, 1600x900 pixel, AUO B173RW01 V3
:: Harddisk
Model TOSHIBA  , 640GB 5400rpm
:: Soundcard
Realtek ALC269 @ Intel Cougar Point PCH - High Definition Audio Controller
:: Connections
2 USB 2.0, 1 VGA, 1 HDMI, 1 Kensington Lock, Audio Connections: line-out, microphone, Card Reader: SD, MMC, MS, MSPro, xD,
:: Networking
Atheros AR8151 PCI-E Gigabit Ethernet Controller (10/100/1000MBit), Atheros AR5B97 Wireless Network Adapter (bgn), 3.0 +HS Bluetooth
:: Optical drive
Pioneer BD-ROM BDC-TD03
:: Size
height x width x depth (in mm): 34 x 415 x 275
:: Weight
2.687 kg Power Supply: 0.572 kg
:: Battery
99 Wh Lithium-Ion, 11.1V 9000mAh AS10G3E
:: Operating System
Microsoft Windows 7 Home Premium 64 Bit
:: Additional features
Webcam: 1.3MP,


















Information  About "Lapsa"



dxdiag info about "Lapsa"





Video Info About "Lapsa"













"Lapsa" getting out....








"Lapsa"









"Lapsa" keys view










"Lapsa" in Black & White









You can find more info from..
http://www.notebookcheck.net/Review-Acer-Aspire-7750G-Notebook.45861.0.html


older post