Monday, March 11, 2013

මම ඇයව අමතක කරනවා...

1 comments



මම ඇය ගැන නොහිත ඉන්න උත්සාහ කරනකොට මට ඇයව මතක් වෙනවා...
මම ඇයව නොදැක ඉන්න උත්සාහ කරන්කොට මට ඇයව නිරන්තරයෙන් පේනවා....
මම ඇය ගැන නොඅසා ඉන්න කොට නොයෙකුත් දෙනා මාගෙන් ඇය ගැන අසනවා....
මම ඇයව හිතින් වෙන් කරන්න හදනකොට මම නොදැනිම හිත ලංවෙනවා වගේ හිතෙනවා... 
ඔව්........... මම ඇයව.. මම ඇයව.....
මම ඇයව අමතක කරන්න හදනකොට ඇගේ මිතුරියෝ මට මුණගැහෙනවා ,මට කතා කරනවා...
මම ඇයව අමතක කරන්න හදනකොට මගේ නංගී ඇවිත් මාත් එක්ක එයාගේ දේ කතා කරනවා...
මම ඇයව අමතක කරන්න හදනකොට මම රෑ සිහිනෙන් ඈ හට ආදරේ කරනවා...
මම ඇයව අමතක කරන්න හදන හැම මොහොතම දෑස කදුලු වලින් තෙත් වෙන්න බලනවා... 
මම දන්නවා.. මට දැනෙනවා....
මම දන්නවා මට ඇයව අමතක කරන්න හදනකොටම නැවත නැවත වාරයක් මට ඇයව මතක් වෙනවා..
මගේ හිත ආයෙත් දුර්වල වෙනවා....
මම දන්නවා මගේ හිත තද  රළු හිතක් කර ගන්න විදිය .. 
ඒත් මම එලෙස නොවෙන්න දැන් දැඩි උත්සහ කරනවා... 
කවර නිසාද යත් , පිහියට පිහියක් සමග වන ගැටීම් ගැන මා දන්න නිසාවෙන්.
මා එලෙස රළු වීම මගින් ඈ හට කිසි දුකක් නොවේවා...


[මගේ හිතින් ම උපුටා ගන්නා ලදී]



Thursday, January 3, 2013

මම තවමත් ඇයට ආදරය කරනවා

0 comments

මම තවමත් ඇයට ආදරය  කරනවා...
..ඉතින්..

මට තාමත් ඇයව මතක් වෙනවා...
...ඉතින් මොකෝ...
ඉතින් ඒ දුක තුනී කරගන්නට මම මේ post එක ලියනවා....
..මොකක්ද ඉතින් ලියන්නේ..
...........
මම තවමත් ඇයටම ආදරේ කරනවා
...................................

Tuesday, January 1, 2013

දිනයක අරුණෝදය නව වසරක් වීම (2013ට මගේ පසුවදන)

1 comments
මේ මට හිතුණු හැටි...
අද 2013/01/01
නිකම්ම නිකන් දවසකට කාලසම්මුතියක් එකතුවීමේ ප්‍රතිඵලය සම්මුති අලුත් අවුරුද්දක් වෙනුවෙන් ඔබේ මනස හැඩගැසී ඇත.
මගේ මනස එය නොපිලිගන්නා බැවින් මා පොදුරාමුවට අයත් නොවේ...
මා මෙන්ම් තවත් බොහෝ පිරිසක්ද අද දිනයක් පමණක්මය.විවිධ හේතු ඔවුන් මේ අදහසට කැන්දාගෙන ඒමට හේතු වී ඇත.
නමුත් මට ඉන් වැඩක් නැත.
 මනසින් මේ අදහස පිලිගන්නා, ගතින් මේ අදහස විවිධාප්‍රකාර හේතු නිර්වචනය කර ඒවා සාධාරණියකරණ කරන අය ද බොහෝය. 
එවන් අය මෙන්ම වෙනත් අයටද වෙනත් අය නොවන එවන් අයටද  මම සුභ පතමි.
ඒ සම්මුති ජනවාරි 01 නිසා නොව, පොදුවේ යහපත ප්‍රාර්ථනා කිරීමට ඇති තවත් දිනයක් නිසාවෙනි