Wednesday, July 20, 2011

කම්මැලිකමට ලියන ලදී....

0 comments


මේ දවස් වල උදේ ඉදන් කරන්නෙම LMS 1ට log වෙලා ඒකෙ activitys ටික කරන 1 තමයි..මොකො එතින් තව සති 2,3 කින් අපිට exam නේ...
self study තමයි ඉතින් මම...මාර කට්ටක් තමයි,එක දිගටම  තනියෙන් self study කරන 1..මාර මහන්සියක් වෙන්නත් ඕනනේ......ලේසි කියල හිතුවට ලේසිම නෑ නේ.....


ටිකක් වෙලා log වෙලා ඉන්න කොට එපා වෙනවනේ....ඉතින් ඊට පස්සෙ net 1 මොකක් හරි browse කරන එක තමයි කරන්නේ...ඉතින් එතකොට වෙලාව යනව කාටද තේරෙන්නේ....බලලා ඉවර කරන්න පුලුවන් 1යැ...


ඉතින්  ඔය සේරම අස්සේ ඊයෙ මම මගේ ප්‍රියම්බිකාවත් එක්ක කැළණි පන්සල් ගියනේ...පොඩි පොඩි ප්‍රශ්න වගයක් විසදගන්න තමයි ගියේ....මං හිතන්නේ ඒක හරි ගියේ නැද්ද කොහෙද?....පන්සල් ගිහින් වෙන එක එක දේවල්(බුද්ධාගම) ගැන කථා කලා විතරද මන්දා....ඊයේ පන්සල එච්චරටම ලස්සනයි නේ.............
මට තෙරුම් ගිය දෙයක් තමයි, ප්‍රශ්න කතා කරන්න පන්සල හොද නෑ කියන 1 එක...පන්සල් වටපිටාව සමහරුන්ගේ හිත් වෙනස් කරනවනේ මාත් අතුළුව..



Tuesday, July 19, 2011

මගේ මරණය

0 comments
මම දැන් මරණයට බය නෑ.....
මට දැන් මරණ බය දැනෙන්නෙත් නෑ...
අනිත් අය මරණය ගැන කතා කරන්න බය වෙන කොට මම වීරයෙක් වගේ ඒක ගැන කතා කරනවා....

වෙන මුකුත් නිසා නෙවේ...

මට මගේ මරණය ගැන මුකුත්ම තේරෙන්නෙ නැති වෙන්න ඇති..

Wednesday, July 6, 2011

පට්ට කෑල්ල...

0 comments
මම 176 බස් 1 ඉන්නකොට _________ නැග්ග මම හිටපු බස් 1ට..
වයස 45ක් විතර වෙන එහා පැත්තෙ අසුනෙ හිටිය අංකලුත් නිකන් නෝන්ඩි නොවි හෑරිල බැලුවා එයා දිහා...
මම ඉතින් තරුණ කොල්ලෙක් නේ...
මාත් ඉතින්, හොදට බලන්න ඕන ඒවා බලල (හොදට පෙනුන මූණ බලලා) ආයෙත් ඉස්සරහ බලා ගත්තා..


ඒක දැකලද කොහෙද, මගෙ එහා පැත්තෙ හිටපු ඇන්ටි මගෙන් අහනව...
"දරුවෝ.....ඔය වගේ සංකර ගෑණු ළමයිටද ' පට්ට කෑලි ' කියල තරුණ ළමයි කියන්නෙ.. "
ඒ කථාවට මම හිනා වෙන ගමන් මට හිතුනා එකත් එකටම ඒ ඇන්ටිට මගේ හිත කියවන්න පුලුවන් වෙන්න ඇති කියලා...

ඔන්න ඉතින් අමුත්තා ආයෙත් ඇතුල් වෙන්නයි යන්නෙ..........

0 comments
" Psycho ගේ නොපෙනෙන පෙනීම -88- " කල-එලි බහින්නයි යන්නේ..........
 එය
"Psycho ගේ නොපෙනෙන පෙනීම -888-" වඩා වෙනස් දැක්මක් තුලින් ....

සමාවුව මැනවි...."Psycho ගේ නොපෙනෙන පෙනීම -888-" ට ඇතුලු වීමට ඔබට නොහැකිනම්.....

එය බුදු දහම සම්බන්ධ ගැටළු වලින් යුතු බව දැන ගැනීම ප්‍රමාණවත්ය....