Thursday, October 20, 2011

දෙවෙනි ඒ දවස...




විසි පොරොන්දම් දස පොරොන්දම් හා අෂ්ඨ කුඨයන්ගේ ගැලපීම් පිලිබද ඉගි තුලින් නොනැවතී,
සුබ හා අසුබ තුලින් ඉවසීමෙන්....ඉදිරියට,
තවත් එක් නැවුම් වූ අත්දැකීමක්....
මා හා තනියට ඈ සමග...
මුහුණ දුනි  ඒ පරීෂණයට..
නම් කරමි එය පොරොන්දම් ගැලපීම ලෙස
වී ය  ප්‍රතිඵලය ඉහත කී ලෙස..
සුභ, සම අසුභ පරදා 50%ත් වැඩියෙන්....
හිතට සතු‍ටුයි....
භයත් පැමිණෙයි...
මෙය 1/3 බව දත් නිසා...
පතනෙමි යහපතක් ගැලපෙන ලෙසට..
යදිමින්.......
හදවතින්......

4 comments:

බිඟූ said...

අනේ බම්බුව බන්.... යාළුවෙලා නම් ආයෙත් මොන පොරොන්දම්ද බන්.
යමක් නැතුවම නෙමෙයි. බට් හාද වෙලා කාලයක් යනකොට සතා තේරෙනවනේ....
ඉතින් පොරොන්දම් බලන්න ඕනැ නැ. කෙලින්ම තීරණය කරන්න පුලුවන්.

Unknown said...

බිඟූ......
මාත් කැමති ඒ අදහසට....එත් ඉතින් ගැණු සතාව අරන් පැනල යන්නෑ....
ගෙවල් වලින් කරන බල කිරීම මිසක් අපෙත් නෑ කිසිම කැමැත්තක් ඕවට...
දශකයෙන් අඩක්ම එකට හිටියේ ජීවිතේ ඉතිරි ටිකත් ඉන්න බලාපොරොත්තුවෙන් තමයි
බිඟූ කියන විදියට "සතා" නම් හොදටම තේරිලා ඉන්නේ...එත් සතාගේ ගෙදරින් ප්‍රශ්න වෙන්න ඉස්සෙල්ලා තමයි ඒක ගැනත් හොයල බැලුවේ...

බිඟූ said...

හා හා.....
එල එල....
බ්ලොග් එක සින්ඩියවලට එක් කරලද තියෙන්නේ....


http://blogs.sinhalabloggers.com/
http://kottu.org/
http://syndi.lankeeya.lk/

මේවාට එක් කරන්න. කස්ටිය කිවයන්න එයි...

Psycho ගේ නොපෙනෙන පෙනීම said...

බොහොම ස්තුතියි අයියේ ගුරුහරුකම් ලබාදුන්නට

Post a Comment