Monday, March 11, 2013

මම ඇයව අමතක කරනවා...

1 comments



මම ඇය ගැන නොහිත ඉන්න උත්සාහ කරනකොට මට ඇයව මතක් වෙනවා...
මම ඇයව නොදැක ඉන්න උත්සාහ කරන්කොට මට ඇයව නිරන්තරයෙන් පේනවා....
මම ඇය ගැන නොඅසා ඉන්න කොට නොයෙකුත් දෙනා මාගෙන් ඇය ගැන අසනවා....
මම ඇයව හිතින් වෙන් කරන්න හදනකොට මම නොදැනිම හිත ලංවෙනවා වගේ හිතෙනවා... 
ඔව්........... මම ඇයව.. මම ඇයව.....
මම ඇයව අමතක කරන්න හදනකොට ඇගේ මිතුරියෝ මට මුණගැහෙනවා ,මට කතා කරනවා...
මම ඇයව අමතක කරන්න හදනකොට මගේ නංගී ඇවිත් මාත් එක්ක එයාගේ දේ කතා කරනවා...
මම ඇයව අමතක කරන්න හදනකොට මම රෑ සිහිනෙන් ඈ හට ආදරේ කරනවා...
මම ඇයව අමතක කරන්න හදන හැම මොහොතම දෑස කදුලු වලින් තෙත් වෙන්න බලනවා... 
මම දන්නවා.. මට දැනෙනවා....
මම දන්නවා මට ඇයව අමතක කරන්න හදනකොටම නැවත නැවත වාරයක් මට ඇයව මතක් වෙනවා..
මගේ හිත ආයෙත් දුර්වල වෙනවා....
මම දන්නවා මගේ හිත තද  රළු හිතක් කර ගන්න විදිය .. 
ඒත් මම එලෙස නොවෙන්න දැන් දැඩි උත්සහ කරනවා... 
කවර නිසාද යත් , පිහියට පිහියක් සමග වන ගැටීම් ගැන මා දන්න නිසාවෙන්.
මා එලෙස රළු වීම මගින් ඈ හට කිසි දුකක් නොවේවා...


[මගේ හිතින් ම උපුටා ගන්නා ලදී]