Friday, August 19, 2011

දු‍ටු විට ඇගේ සංසුන් වූ ඉදුරන්ගේ හැටී.... මොහොතක් නතර විය මගෙ හද මඞළ ගැහී.... කර්ණරසායන පරදන ඇගේ ඒ වදන් ඇසී... හද තුල තාම ‍රැවු දෙනවා වැනිය සකී..



පොහොය දවසක් වූ එදින, පෙරදා පටන් මම එහි ගත කලේ වෙන කිසිත් නිසා නොව,පොහොය දිනට එම අසපුවේ අභිනවයෙන් නිම කල චෛත්‍යයහි කොත නිරාවරණය කිරීම යෙදී තිබුනු බැවිනි..
පෙරදා පටන් බොහෝ පිරිසක් මා මෙන්ම එලෙස නැවතී උදවු උපකාර කරමින් තිබිනි....
ස්ත්‍රි පුරුෂ බේදයකින් තොරව මෙහි සිටි ඔවුන් සැම කෙනෙක් අතරම අමුතුම ආකාරයේ ව්ශාල ලෙන්ගතු කමක් විය...
සියල්ලෝම තමන්ගේම සහොදර සහොදරියන් ලෙස හිතන්නට ගතවූවෙ හොරා 2කටත් අඩු කාලයකි...
කඩිමුඩියේ එකා මෙන් මෙ සත් කාර්යයට උදවු උපකාරි කලත් කිසිම පටලැවමකින් තොරව නියමාකාරයෙන් කලින් කතාකරගත් ආකාරයට වැඩ ටික සිදු කිරීමට හැකිවිය....
ඒ පිලිවෙල, ඒ කඩිසරකම, ඒ ලැදියාව වෙන කිසිවක් නිසා නොව ආගම දහම නිසා ලැබුනු බව මගේ පෞද්ගලික විශ්වාසයයයි...
ඒ වෙන කිසිත් නිසා නොව ගෙදර දොර වැඩකටයුතු සිදු කරද්දී පිළිවෙල ගැන වැඩිය අවධානයය යොමු නොකරන මා පවා එහිදී බොහෝ පිළිවෙලට කඩිසරව වැඩකටයුතු සිදු කිරීමට උත්සාහවන්ත විය...


කාලය හෝරා පහුකලේ අප සියලුදෙනාම පාහේ විඩාවට මෙන්ම ප්‍රීතියට හා නිදිමතට යොමුකරමිනි...
කඩිසරකම පෙර මෙන්ම නොමැති උනත් ගෞරවය පෙරදැරි වූ ශ්‍රදාවට කල හැකි දැ බොහොමයක් පවතින බව ඔප්පු කරමින් අප සියල්ලම මහන්සි නොබලා තම කාර්යන් සිදුකරන ලදී....


අළුයම ගෙවී පසු දින පහන් වුණි.....සැදැවත් ජනයාගෙන් පූජා භූමිය පිරී යද්දී උදය කාලයේ චෛත්‍යයහි කොත නිරාවරණය සිඩුකරන ලද්දේ සැදැහවත් ජනයාගේ දෝංකාර දෙන සාධු නාදය මධ්‍යයේය...තාලයකට සිදුවුනු මේ ශබ්ද පූජාව පවා මනසවල් වශීකෘත කලහ...
සියල්ල එසේ සිඩුවෙදී මම ඉන් නික්මමුයේ මගේ ගත මා පාලනයෙන් තොර වූ පරිදි මෙන් මා උන්හිටි තැන් පවා අමතක කරමින් මා නිදි කිරීමට 'මා ගත' ගත් වැයමක ප්‍රතිපලයක් වශයෙනි...
පසුව නිවසට පැමිණ පිරිසිදු වී නිදි යහන වෙත පිය නැගීමට අමුතුවෙන් වීර්යය කිරීම නිශ්ඵල වූයේ එය නිරායාසයෙන්ම සිදුවූ නිසාවෙනි....
වරුවකට අසන්න කාලයක සුවසේ සැතපී නැවත අසපුවට යාමට මා පිටත් වුයේ සැදැ කාලයෙ එහි සිදු කරනා පුණ්‍ය කටයුතු වලට සහභා ගී විමටය....පොහොය දිනයක් වීම නිසාත් අසපුවේ චෛත්‍යයහි කොත නිරාවරණය කිරීම යෙදී තිබු නිසාත් සැදවත් බොහෝ ජනයා එහි එක් ‍රැස් වී හිටියහ..
පිරිස අතර ස්වාමින්වහන්සේලා සුලභ දසුනක් වූ නමුදු මෙහෙණින් වහන්සේලා(මැණිවරු/සාමණේරීන්වහන්සේලා) එතරම් සුලබ දසුනක් වූයේ නැත..නමුදු විටින් විට පැමිණෙන මැදිවියද පවා ඉක්මවූ මෙහෙණින් වහන්සේලා දැකගත හැකිවිය...
රාත්‍රී 7 කණිසමට අභිනවයෙන් නිම කල චෛත්‍යයහි විශේෂ පූජාවක් පවත්වන්නට සංවිධානය කර තිබු නිසා සවස් වරුවේ බොහෝ පිරිස් එක් ‍රැස් වන්නට වුණි...


සාමාන්‍යයෙන් පන්සලකදී වුවද ස්ත්‍රී රුපයන් කෙරෙහි ඇස්(ඇස් පමණි.හිත් ඇදෙනුයේ කලාතුරකිනි)  නිරායාසයෙන් යොමු වුවද මෙහිදී එය එතරම් ම සිදු නොවුයේ ආගමික වටපිටාව ඕනවටත් වඩා හිතට වැදී තිබූ නිසා මිස ලස්සන පියකරු ගෑණු ලමයිගේ අඩුවක් නිසා නම් නොවේය..
කරුණු එසේ වුවද යම් එළැබියා වූ මොහොතක දැස නතර විය.......
අහම්බෙන් නමුත් එය එසේ සිද්ධ විය.....


රාත්‍රී කාලයේ වුවද දිලිසෙන පැහැපත් සම......
ඉතා සන්සුන් ඉදුරන් ඇතිව විරාගී වූ ගමන් විලාසය....
මා දෙස නොබැලුවද ඇස් වල ඇති කාන්තිමත් ස්භාවය.....
ඍජුව ඉදිරිය නොබලන , පෙර පිං නිසා වාසනාවකට ලද පියකරු මුහුණකට හිමිකම් කියන්නා වූ........ඇය....
මුලු ගතම ආවරණය කර ගෙන ඇත......

බුද්ධ පුත්‍රයන් වඩින්නා වූ මග අසල සිටි ඇ තොමෝ..එය කරණ කොට ගෙන දෝ උන් හිටි තැනින් වහා ඉවත්විය.....
නොකියා කියාපැවේ ඇ යටත් වූ නීති සමුදායද නැතිනම් තමා ලද රූපශ්‍රීය කරන කොට අන් අයගේ සිතුවිලි චංචල වීම වැලැක්වීමට තමා තුල ඇති කැමැත්තද යන්න මට තාමත් ප්‍රෙහේලිකාවකි...
කවර නිසාද යත් ඇය සමග සිති අන් වැඩිමහලු හා වයසින් සම යැයි සිතිය හැකි මෙන්ම  වයසින් බාල යැයි සිතිය හැකි  වූවන් ගේ මෙවන් ප්‍රතිචාරයක් මා නොදිටීම නිසා මා අදහස වූයේ ඇගේ සිත තුලින්ම පැන නැග්ගක් වූ බවය...
ඇය සමග සිටි අන් මෙහෙණින්වහන්සේලා පසෙකට වූ අතර ඇය ඔවුහු සියලටම පි‍ටුපසින් සිට බුද්ධ පුත්‍රයන් වඩිනා විට මිහිරි හඩින් අන් අය සමග සාධු නාද දෙන්නට විය....
අඩි කිහිපයකට වඩා නොදුරින් වූ එතුමිය චෛත්‍යය වන්දනාවට පැමිණෙන බුද්ධ පුත්‍රයන් සාධු නාදයෙන් වන්දානා කල හඩ මට තවත් බොහෝ කාලයකට අමතක නොවන බව මම විශ්වාස කරමි...


සන්සුන් හා ඉතා පියකරු රූමත් ස්භාවයෙන් යුතු ඒ මෙහණින්වහන්සේ වන්දනා කිරීමට මගේ හිත, මාවම ප්‍රබලව යොමු කරන නමුත් බොහෝ වීර්යය කොට එය පාලනය කිරීමට සිදුවූයේ ඇත්ත වශයෙන්ම වන්දනාමාන කිරීමට හේතුව එතුමියගේ ගුණධර්ම පිලිබද මා ගේ දැනීම නොව එතුමිය දු‍ටුවිට මගේ සිත තුල ඇතී වූ චංචල ස්භාවය යැයි මට හැගී ගිය බැවිණි..




ඔබ වෙනවානම් එවන් යශෝධරාවක්............











මෙහි සදහන් කල අසපුව මහමෙව්නා අසපු සංචිතයට අයත් අසපුවකි....












0 comments:

Post a Comment