Sunday, May 20, 2012

පුංචි සුරංගනාවිය....




මට විශ්වාසයි පැටියෝ..
ඔයා තමයි එහේ ඉන්න සුරංගනාවිය..
ඒකනේ ඔයාට හැමෝම littel angle කියලා කියන්නේ..
ඉතින් my dear little angle කොහොමද ඔයාට....
වැඩක් නෑ පැටියෝ,ඔයාට තේරෙන්නේ නෑ නේ මං ඒ අහපු අදහස..
ඔයා හරිම ලස්සනයි....
හරිම ප්‍රිය මනාපයි.
ඔයා දන්නෙ නැති උනාට ඔයා හරිම අහිංසකයි..
ඒකනේ littel angelට හැමොම ආදරේ...

ඉතින් පැටියෝ..ඔයාට මාත් එක්ක කතා කරන්න බැරි උනාට ...
ඔයාට මාත් එක්ක කාලය ගත කරන්න ඕන නැති උනාට..
අඩුම තරමෙ ඔයාට මාව ගානක් නැති උනාට ..
මට.....??

පුංචි ඔයා හරිම නිර්භීතයි කියල පැටියගේ අම්ම මට කිවුවා..
ඒක නම් ඉතින් කියන්න ඕන නැ කියල, ඔයා දග කරපු විදියෙන් මට තේරිලා ඉවරයි..
පුංචි ඔයාගේ වාසනාව පිටිපස්සේ ඇයි මෙතරම් අවාසනාව පටලැවිලා තියෙන්නෙ කියල ඔයාගේ අම්මා මගෙන් අහපු ඒ ප්‍රශ්නෙට මට ඒ වෙලාවේ දෙන්න පිලිතුරක් තිබුනේ නැ පැටියෝ..
මට සමාවෙන්න ඕන ඔයා ගැන මට හිතුණු දේවල් ඔයාලගේ අම්ම්ට කියල එයාට තවත් දුකක් ඇති කරපු එක..

මම විශ්වාස කරනවා පැටියෝ,ඔයා ඉක්මනට ගෙදර ඒයි කියල.. 
මම වගේම අම්මත් ඒක විශ්වාස කරන්නවා..
ඒත් මගේ පුංචි පැටියට තියෙන්න කවදහරි නැවතත් මතුවෙන්න පුලුවන් ,ඒකෙන්නම ඔයාව අපට අහිමි කරන්න පුලුවන් වෙන විදියේ රෞද්‍ර එකක් කියල පැටියගේ අම්මා මට කිව්වම , ඇයි මම ඔයාව දැක්කෙ කියලා හිතුනා...
ඇයි මම ඔයත් එක්ක හිනා වුනේ කියල හිතුනා...
ඇයි මම  මෙතරම් සුලු කාලයකදී ඔයත් එක්ක ලෙන්ගතු උනේ කියල හිතුනා..
මම හැබැවින් අත් වින්දා පැටියෝ...
ඔයා මගේ නොවුනත් , මේ සංකීර්ණ සිතුවිලි මාව තවත් වේදනාවට පත්කලා පැටියෝ...

පුංචි සුරංගනාවියේ...
මේ ලොකේ ඔයාට නොතේරෙන ඒත් ඔයාට මුහුණදෙන්න වෙන දේ ගැන ඔයාගේ ඒ සුන්දර අම්ම මට කියපු දේවල් දන්නේ අපි දෙන්න විතරයි පැටියෝ..
කුළුදුල් හා එකම එකක් වු ඇගේ මව් පදවියට මුහුණ දුන් ඒ සිදුවීම ඇගේම ඉරණමේ කොටසක් කියලා ඈ දුක් වෙන විදිය ඔයාට තේරෙන්නෑ පැටියෝ...
කවදවත් ඔයාට අයහපත් වෙන්න එපා පැටියෝ....
ඒ සුන්දර අම්මා විතරක් නෙවෙයි...
අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒකයි...
.
.
"ඒ පුංචි සුරංගනාවි නීරෝගී සුවයෙන් පියාසර කරන ලැබෙනවනම්......"






මහරගම Cancer Hospital  දී මුණ ගැසුනු  අහිංසක ඉතා ප්‍රියමනාප දැරිවියක් හා  සුන්දර මෙන්ම ප්‍රියමනාප වූ ඇගේ මව සමග ගත්කල සුළු හෝරාවකදී මට හිතුණු දේවල් හා මා ලද අද්දැකීම්....

0 comments:

Post a Comment