Thursday, October 20, 2011

දෙවෙනි ඒ දවස...

4 comments



විසි පොරොන්දම් දස පොරොන්දම් හා අෂ්ඨ කුඨයන්ගේ ගැලපීම් පිලිබද ඉගි තුලින් නොනැවතී,
සුබ හා අසුබ තුලින් ඉවසීමෙන්....ඉදිරියට,
තවත් එක් නැවුම් වූ අත්දැකීමක්....
මා හා තනියට ඈ සමග...
මුහුණ දුනි  ඒ පරීෂණයට..
නම් කරමි එය පොරොන්දම් ගැලපීම ලෙස
වී ය  ප්‍රතිඵලය ඉහත කී ලෙස..
සුභ, සම අසුභ පරදා 50%ත් වැඩියෙන්....
හිතට සතු‍ටුයි....
භයත් පැමිණෙයි...
මෙය 1/3 බව දත් නිසා...
පතනෙමි යහපතක් ගැලපෙන ලෙසට..
යදිමින්.......
හදවතින්......

Wednesday, October 19, 2011

ජීවිතේ අද දවස....

0 comments


කුලුදුල් ඒ අත්දැකීම ඉතා අමිහිරි විය....
සුන් වූ බලාපොරොත්තු මැද ඒ මතකයන් කෙමින් මැකී යාවි...
අරමුණු වෙනස් වීම ප්‍රත්‍යෂයෙන් දැන සිටියද මෙවන් වේදනාවක්....
විශ්වාසයේ මෙතරම් ඝන පලුද්දක්...

අහෝ...මේ සටහන අන් කිසිත් නිසා නොව,මතකය නැවත කෙදිනක හෝ අලුත් කර ගැනීම පිණිසයි....

මා ඇය හමු විය....ජීවිතයහි කෙදිනකවත් නොපැතු මුණගැසීමකි.....
අපෙන් අප ගිලිහී යන කාලය වැඩි ඈතක නම් නොවන බව මේ කාලයේ සිදුවන සිද්දීන් වලින් හැගීයයි.........

මට මෙය තේරුම් ගැනීමට අපහසුයි.....මට මෙය ඉවසීමට අපහසුයි....
මම කෙලෙසකදෝ ඇය ගැන නොසොයා ඉන්නේ...
සුරංගනා කතා හෝ නවකතා වල පවතින ගද්‍ය පාඨ නොව මෙය හැගීම් වල ඇති වේදනාවයි....
කියන කරන දේවල්, ගිය නොගිය තැන්,එකී මෙකී නොකී බොහෝ දැ පිලිබද පවා මා දැනුවත් කල ඈ ඉන් ඉවත් වීමට සුදානමින් පසු වෙයි....
නිශ්චිත එක් දිනයකින් පටන් නොගත්තා වූ ඒ සුන්දර අපේ ලෝකය කෙමින් කෙමින් වියකී යාවී.....
මේ මොහොතේදී මා දැස් තෙත් වනුයේ,කදුලු කැට ඇද හැලනුයේ මම සැබවින්ම ඈ හට ලෙන්ගතු වීම නිසා විය හැකී...
පසු දිනෙක ඈ ඇගේ ලෝකයේ තනිවෙයි....මා ද මගේ ලෝකයේ තනි වෙයි.......
ඈ තනි වීම මා හට වාවා ගත නොහැකි වීම මට තවත් වේදනාවකි....
ඈ තනි නොකිරීම මා සතු වගකීමක් හා යුතුකමක් විය යුතු බව මම තරයේ විශ්වාස කරමි...



2011/10/19

Tuesday, October 18, 2011

කඩඉමක පිය සටහන්..

0 comments
මම දන්නෙ නෑ මේ කොතන වූ පිය සටහනක් ද කියල....
සමහරවිට අවසානයක.....
සමහරවිට වෙනත් ගමනක ආරම්භය වෙන්නත් බැරි නෑ...
අනිත් අතට ගමනක් අතර තියන මගසලකුණු වෙන්න බැරිත් නෑ...
ඉතින් දන්නවනේ.... මගසලකුණු වලින් ගමනේ ස්භාවයත් යම් තරමකින් කියවෙනව කියලා.. (හැබැයි ඒක අනිවාර්යය නෑ..)....
එහෙවු වූ කඩඉමක තීරණාත්මක පියවරක්.....

"
  මෙය තවත් එක් නිමේෂයක්ද ?
       මා නොදනිමි
  පෙරදා කදුළු කැට
      කොපුල් තෙත් කරද්දී.......
  අසන්නට හඩන්නට කෙනෙකු විය මා අසල
     අහෝ අද....
   මහ සයුර මෙන්
      කඩා හැලුනද
  දෙනෙත දෙසවත් නොබලා
      ඉවත යන්නේ
  මා නුරුස්සා නිසාවෙන්දෝ
      අත්වැල් පටලවාගෙන සිනා පෑ ඒ සමය
  ඔබ ‍රැගෙන යන්න...
     සුපිපි පියුමෙන් පෙති හකුලා
  පවු සමා කරගනිමි වූ වරදට
      ආත්මයක් ආත්මයක් පාසා
  යශෝධරාවක් වී ඔබ පතන්නට.......
"

පෙර මෙන්  පැහැදිලි අත් අකුරු නොවුවත්...
වදන් වල ගැලපීම තත් ලෙසටම නොමැති වුවත්...
ඇගේ ඒ මොහොත තුල මා කෙසේ නම් ජීවත් වෙම්ද?
ස්ත්‍රී වූ ඈ කෙසේ නම් මෙය දරාගන්නද?
මගේ හදවත මෙවන් මොහොතක දී පවා දැඩි නම් ඒ වීරකමක් හෝ පුරුෂාර්ථ ස්භාවයක් නොව නිවට කමකි..